ඉන්දිරා ගාන්ධි කෞතුකාගාරය
1917 නොවැම්බර් 19 වනදා උපත ලැබූ ඉන්දිරා ප්රියදර්ශනී ගාන්ධි ඉන්දියාවේ තුන්වන අගමැති තනතුර දැරුවාය. කුඩා කල පටන් මහත්මා ගාන්ධි ගේ සෙවනැල්ලේ දිවි ගෙවූ ඉන්දිරා , ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමියෙකු වූ ජවහර්ලාල් නේරු ගේ දියණියයි. ඉන්දියාවේ අගමැති තනතුරක වැඩිම කාලයක් ගෙවූ තැනැත්තා වන්යේ ද ඇයයි. ඇගේ පාලන කාලය තුළදී කාෂ්මීරයේ සීක ජාතිකයනගේ ප්රධාන ආගමික සිද්ධස්ථානය වූ රන් දෙවොලේ සැගව සිටි කැරළිකරුවන් යටත් කර ගැනීම සදහා කළ හමුදා මෙහෙයුමට එකටෙක කිරීමක් ලෙස 1984 ඔක්තෝබර් 31 වනදා ඇගේම ආරක්ෂාවට සිටි සීක ජාතික ශරීර ආරක්ෂකයන් දෙදෙනෙකු විසින් තබන ලද වෙඩි පහර 33 ක් හේතුවෙන් ඇය මරුමුවට පත් විය.
ඉන්දිරා ගාන්ධි මැතිණියට වෙඩි වැදුනු මොහොතේ හැද සිටි ඇදුම් |
ඇගේ නිල නිවසේ සිට එදින උදෑසන 9.20 ට පමණ යාබද ඉඩමේ තිබූ නිල කාර්යාලය වෙත පා ගමනින් යමින් සිටිය දී ඇය මෙසේ ඝාතනය කරනු ලැබීය. පසුව එම ගොඩනැගිලි පරිශ්රය ඇය වෙනුවෙන් කෞතුකාගාරයක් බවට පත් කරන ලදී. ඉන්දිරා ගාන්ධි ගේ පීවිතයේ වැදගත් අවස්ථා දැක්වෙන ඡායාරූප, පුවත්පත් කොටස් මෙන්ම ඇය පරිහරණය කළ පොත පත ආදියද මෙහි සුරැකිව තබා ඇත. එමෙන්ම ඇය වෙඩි තැබූ මොහොතේ ඇය හැද සිටි සාරිය පවා මෙහිදී දැකගත හැකිය. ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමියා වූ මහත්මා ගාන්ධිගේ ජීවන තොරතුරු ඇතුළත් ඡායාරූප රැසක් ද මෙහි ඇත. ඉන්දීය ගමනක දී නවදිල්ලියට යන්නේ නම් මෙය නැරඹිය යුතුම වැදගත් ස්ථානයකි.
මහත්මා ගාන්ධි ගේ දේහය තැන්පත් කර තිබූ අයුරු |
මහත්මා ගාන්ධිගේ චිතකය අසළ ජවහර්ලාල් නේරු තුමා |
ඉන්දිරා ගාන්ධි ට වෙඩි වැදුනු ස්ථානය |
No comments:
Post a Comment