ගිජ්ජකූට පර්වතය - ගිජුකුළු පව්ව
දේවදත්ත විසින් බුදුන්ගේ හිස මතය ගලක් පෙරැලූ ගල් පර්වතය හා පොළොවෙන් නැගී ආ ගල් පර්වතය යැයි සැළකෙන ස්ථානය |
ධවලගිරි කදු වැටියේ පිහිටා ඇති රමණීය කදු මුදුනකි. මෙය මුදුනේ ගිජු ලිහිණියෙකුගේ ගල් පර්වත හිසක් ඇති නිසා ගිජ්ජකූට යන නම ලැබුනු බවක් කියැවෙයි. මෙම කදු මුදුන ඉතාම නිසංසල පරිසරයක ඇති බැවින් භාවනායෝගීව වැඩ වසන්නට කදිම ස්ථානයක් ලෙස බුදුන් වහන්සේ තීරණය කරන්නට ඇත. බුදුන් වහන්සේ වැඩ සිටි සුගන්ධ කුටිය ර්වතය මුදුනේ ම පිහිටා ඇත. බුදුන් වහන්සේ මෙම ගිජ්ජකූටයේ ගල්කුලක් පාමුල සක්මන් කරමින් සිටිය දී දේවදත්තයන් විසින් ගල්කුළ මුදුනේ සිට බුදුන් වහන්සේ ගේ හිස මතට ගලක් පෙරැලූ බවත්, එම ගලෙන් බිදින් වහන්සේ ආරක්ෂා කිරීමට මහ පොළොව පැලී තවත් ගල් කුළක් මතුවූ බවත්, එම ගල් ගල් කුලෙහි පෙරැලූ ගලවැදීමෙන් කැඩී ගිය ගල් පතුරක් බදු ශ්රී පාදයක වැදී ලේ සෙළවුනු බවත් කියැවේ. දේවදත්තයන් ආනන්තරිය පාප කර්මයට හසුවන්නේ මේ සිදුවීමෙනි.
කදු මුදුනට යන අතරමග 'ආනන්ද කුටිය' පිහිටා ඇත. මෙය ආනන්ද තෙරුන් වහන්සේ වැඩ සිටි ලෙන ලෙස හදුන්වයි.
ගිජ්ජකූටයට යා හැකි මාර්ගය කදු මුදුනකට නැගීමක් ලෙස සිතිය යුතුය. ඇතැම් දඹදිව වන්දනා ගමන් සංචාරකයන් 'කේබල් කාර්(පුටුව)' මගින් වන්දනා කරුවන් ගිජ්ජකූටයට කැදවා යන බව පවසා ඔවුන්ව රවටා ඇති බව ද මෙම ගමනේ දී දැනගන්නට ලැබුනි. කේබල් පුටු මගින් යා හැකි පර්වතය වන්නේ ගිජ්ජකූටය අසල ඇති පාණ්ඩව පර්වතයයි. එයට කේබල් පුටුව මගින් ගොස් එහි මුදුනේ සිට ඈත පහලින් පෙනෙන ගිජ්ජකූටය පෙන්වා වන්දනාකරුවන්ව සෑහීමකට පත් කරවන අයත්, පාණ්ඩව පර්වතයේ සිට ඇති අතුරු පාරකින් පහලට බැස, නැවත ගිජ්ජකූට ගමන් මගෙහි අතරමග සිට නැවත ගිජ්ජකූට මුදුනට කැදවා යන අයත් වන්දනා ගමන් සංවිධායකයන් අතර සිටින බව අසන්නට ලැබුනි.
මද්ද කුච්චිය
ගිජ්ජකූටයට යන මාවතේ අතරමග මද්දකුච්චිය ලෙස නම් කර ඇති ලෙනක් හමු වෙයි. මෙය ද බුදුන් වහන්සේ විසින් පරිහරණය කරන ලද ස්ථානයකි. බුදුන් වහන්සේ ගේ හිස මතට දේවදත්තයන් විසින් ගලක් පෙරැලීමෙන් ලේ සෙලවුනු උන් වහන්සේ ව ප්රතිකාර සදහා රැගෙන ආ ස්ථානය ලෙසද මද්දකුච්චිය හැදින්වේ.
බුදුන් වහන්සේ මෙහි වැඩ සිටින අවස්ථාවක මැදියමෙන් පසු උන් වහන්සේ හමුවන්නට පැමිණි සතරවරම් දෙවිවරුන් අතුරෙන් එක් අයෙකු වූ වෛශ්රවණ දෙවියන්ට සවන් දෙන්නට සිදුවිය. වෛශ්රවණ දෙවියන් ඉල්ලා සිටියේ එතුමන්ගෙන් අවසර ගෙන මනු ලොවට එන ඇතැම් යක්ෂ, භූත ආදී සත්වයන් මනුලොව වෙසෙන මිනිසුනට විවිධ කරදර, ලෙඩරෝග ඇති කරන නිසා එවැනි යක්ෂයනට දිය යුතු දඞුවම් පිළිබදව අනුදැන වදාරන ලෙසය. බුදුන් වහන්සේ වෙත ඉදිරිපත් කළ දඞුවම් ලේඛණය හෙවත් ආටානාටිය අසා උන් වහන්සේ මුවින් කිසිවක් නොපවසා සිටි බවත්, පසුදා උදේ ආනන්ද හිමියනට එම ආටානාටිය බුදුන් වහන්සේ විසින් නැවත දේශනා කළ බවත් කියැවේ. කෙසේ වෙතත් ආටානාටිය සූත්රය දේශනා කළ ස්ථානය ලෙස මෙම මද්දකුච්චිය ගුහාව සැළකේ. බුදුන් වහන්සේ වැඩ සිටි බිමක් හෙයින් අප එහි නළලත බිම ඔබා නැමැද සිත් සතුටු කර ගත හැකිය.
මද්දකුච්චිය ගුහාව ඉදිරිපිට වජිර මහතාගේ දෙසුම අසමින් |
මද්දකුච්චිය ගැන අපට විස්තර කරන වජිර මහතා |
මද්දකුච්චිය වැද පුදා ගනිමින් |
This comment has been removed by the author.
ReplyDeletegreat !!!
ReplyDelete