2018 පෙබරවාරි 16 වෙනිදා
මහා සතිපට්ඨාන සූත්‍රය දේශනා කළ ස්ථානය
මහා සතිපට්ඨාන සූත්‍රය දේශනා කළ ස්ථානය - හිමිදිරි පාන්දර ගත් ඡායාරූපයකි |
දඹදිව වන්දනාවේ දී අප මෙන්ම බොහෝ දෙනෙකු මුලින්ම දකින්නට යන්නේ බුදුන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රය දේශනා කළ ස්ථානය දකින්නටයි. එයට හේතුව නවදිල්ලි ගුවන් තොටුපලෙන් බැස ගමන් අරඹා යන අපට නවදිල්ලි නගරය මැදදීම එය හමුවන නිසායි. එය පිහිටා ඇත්තේ නවදිල්ලි නගරය මැද වුවද, අද එම ස්ථානය ඉන්දියාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් හදුනාගෙන ආරක්ෂා කර ඇති නිසා අපට එහි පහසුවෙන්ම යා හැකිය.
බුදුන් වහන්සේ සිටි සමයේ මෙම ප්‍රදේශය හදුන්වා ඇත්තේ 'කුරුරට' ලෙසය. උතුරුකුරු දිවයිනෙන් පැමිණි පිරිස් මෙම ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර ඔවුන් අන් වැසියනට වඩා ඉතා බුද්ධිමත් බව බුදුන් වහන්සේට වැටහී යාමෙන් මෙම අගනා ධර්මය දේශනා කරන්නට මෙම වැසියන්ව තෝරා ගෙන ඇත. කුරු රට 'කාලමාඨ' නම් ගම් පියසේදී මෙම අති උතුම් දහම දේශනා කර ඇත. සසරින් එතෙර වීමට අවශ්‍යයෙන්ම වැඩිය යුතු දහම ලෙස දැක්වූ සතර සතිපට්ඨානය දේශනා කළා ලෙස හදුනාගෙන ඇති ස්ථානය යකඩ වැටක් යොදා ආරක්ෂා කර ඇත.
No comments:
Post a Comment