Pages

කපිලවස්තු සර්වඥධාතූන්

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පිහිටා ඇති ජාතික කෞතුකාගාරය

ඉන්දියාව විවිධ පුරාවස්තූන්ගෙන් පිරුණු රටකි. එහි නොයෙකුත් නගර වල විවිධ විශයයන්ට අදාළ කෞතුකාගාර රැසක් පිහිටා තිබේ. බෞද්ධ හා හින්දු ඉතිහාසය පිළිබද සුවිශේෂි කෞතුක භාණ්ඩ රැසක් එකතු කොට තැන්පත් කර ඇති මදුරාසියේ, චෙන්නායි ජාතික කෞතුකාගාරය ඉන් එකකි. නමුත් බෞද්ධ අපට වඩාත් වැදගත් ස්ථානයක් වන්නේ නවදිල්ලි නුවර පිහිටා ඇති නවදිල්ලි ජාතික කෞතුකාගාරය යි.
එය අපට වඩාත්ම වැදගත් වී ඇත්තේ කපිලවස්තු කැණීම් වලදී හමුවූ අති පූජණීය සර්වඥ ධාතූන් වහන්සේලා විශාල සංඛ්‍යාවක් එහි තැන්පත් කර තිබීමයි. එබැවින් දඹදිව බුද්ධ වන්දනාවේ යෙදෙන  සෑම දෙනෙකුම පාහේ නවදිල්ලි ජාතික කෞතුකාගාරයට ගොස් සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනා කර ගැනීමේ භාග්‍යය ලබති. එහි ධාතූන් වහන්සේලා තැන්පත් කර ඇති මංජුසාව දෙනෙත් මට්ටමින් තරමක් ඉහලින් පිහිටන ලෙස තබා ඇති අතර , මාගේ කැමරාව දෑත ඔසවා ඒ මට්ටමට ගෙන ධාතූන් වහන්සේලාගේ පැහැදිලි ඡායාරූප කිහිපයක් ගැනීමේ වාසනාව ලදිමි. එම ධාතූන් වහන්සේලාගේ සමීප දර්ශන මෙසේ ඔබට දැක බලා ගැනීමට සලස්වමි.  


                


       


කපිලවස්තු සර්වඥ ධාතූන් වහන්සේලා මෙන්ම තවත් පැරණි මූර්ති හා කැටයම් රැසක් ද මෙහි දකින්නට ඇත.

උමා - මහේෂ්වර ( ශිව - පාර්වතී )





                



























No comments:

Post a Comment