මහා කාෂ්‍යප මහ රහතන් වහන්සේ ගේ ශ්‍රී දේහය තවමත් නිරුපද්රිකව තැන්පත් ව ඇතැයි විශ්වාස කෙරෙන ගුරුපා කදුවැටියේ ඇති ලෙන නරඹන්නට යාම අතිශය දුෂ්කර ගමනකි. බිහාර් ප්‍රාන්තයේ පිටිසර ගම්මානයක් වූ 'ගුරුපා' ගම්මානය වෙත ගොස් වාහන එහි නවතා තබා එතැන් සිට කිලෝමීටර් 2 1/2 ක් පමණ පා ගමනින් එක එල්ලේ ඉහලට විහිදී ගිය ගල් පඩි පෙළක් තරණය කරමින් කන්ද මුදුනට යා යුතු වේ. අතරමග නවාතැනක් හෝ රෝගී තත්වයක් ඇති වුවහොත් ප්‍රතිකාරයක් හෝ නොමැති ජනශූන්‍ය පෙදෙසක් මැදින් යන ගමනකි. ගතේද, හිතේ ද සවි ශක්තිය ඇති පිරිසකට වජිර ටුවර්ස් අධිපති වජිර මහතා මෙම ගමනට පහසුකම් සපයා දෙනු ඇත. අතරමග දී ආහාරයට බිස්කට් වැනි දේ ද, පානයට වතුර බෝතල් ද, විඩාව හා කුස ගින්න නිවා ගන්නට පළතුරු වර්ග ද රැගෙන ගමන පිටත් විය යුතු වේ. දඹදිව වන්දනා චාරිකාවේ යන බොහෝ දෙනෙකුට යාමට අවස්ථාව සැළසෙන්නේ නැති අපූර්ව, ගවේශනාත්මක පා ගමනකි.
|
මෙම ගමනට 'හැරමිටියක්' උපකාර කර ගැනීම අනිවාර්ය වේ. පා ගමනින් පසු කර යන ගම්මානයේ දී ඉන්දීය රුපියල් 10 කට හැරමිටියක් ඉල්ලා ගත හැක. |
|
අපේ ගමන් නියමුවා 'වජිර' මහතා මෙම දුෂ්කර ගමනේ පෙරමුණ ගනු ඇත. |
|
මෙතැන සිට කාෂ්‍යප ලෙන වෙත යාමට ඇත්තේ අති දුෂ්කර පියගැට පෙලකි. ශබ්ද නගා කතා කිරීම හෝ අනවශ්‍ය කලබල කිරීම් බමර ප්රහාරයන් ට හේතු වනු ඇත. |
|
කාෂ්‍යප මහ රහතන් වහන්සේ ගේ දේහය තැන්පත් කර ඇති ලෙන ඉදිරිපිට ඇති කාෂ්‍යප පිළිමය හා විහාරය |
|
අප එහි ළගා වන විට ද විදේශ (නේපාල) භික්ෂූන් වහන්සේලා පිරිසක් එහි වන්දනා කරමින් සිටියහ. |
|
කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ශ්‍රී දේහය අදටත් නිරුපද්‍රිතව ඇතැයි විශ්වාස කරන ලෙනෙහි දොර දැවැන්ත ගල් පතුරු දෙකක් එකට හා වී (යා වී) වැසී ගොස් ඇත. |
|
කාෂ්‍යප මහ තෙරුන් වහන්සේ ගේ පිළිරුව හා විහාරය |
|
ලෙනෙහි මුදුනේ කන්ද මත ඉදි කර ඇති චෛත්‍යය |
|
මේ අසීරු චාරිකාව නිම කළ අපේ කුඩා කණ්ඩායම |
|
ගුරුපා දුම්රිය ස්ථානය ද පසු කරමින් අපට යාමට සිදු විය. |
No comments:
Post a Comment