Pages

බුද්ධගයාව- ශීල සමාදානය

ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ
පැරණි මගධ රාජ්‍යයේ, වත්මන් බිහාර් ප්‍රාන්තයේ ගයා නම් ප්‍රදේශයේ බුද්ධගයා පින් බිම පිහිටා ඇත. අපේ බුද්ධ වන්දනාවේ වැදගත්ම දිනය වූයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වය පත්වූ ඒ අසිරිමත් බුද්ධගයා වේ, ජයශ්‍රී මහ බෝ සමිදුන් සෙවනේ අෂ්ඨාංග ශීලය සමාදන් වීමයි. එය සැබැවින්ම සසර සිහිනයක් සැබෑ වීමකි. බුද්ධගයා විහාරය තුළ නිහඞව වැඩ වෙසෙන බුදු සමිදුන්ගේ පිළිම වහන්සේ සෑම පැයකටම වරක් හැද පළදවා තිබූ චීවර ඉවත් කොට අළුතෙන් චීවර ඇන්දවීම සියැසින් දුටිමි. 

අළුයම අවදිව කිරිපිඞු සාදා , එම පාත්තර හිස මත තබාගෙන මහ පෙරහරින් බුද්ධගයාව වෙත පැමිණි අයුරු අපූර්ව අත්දැකීමකි. ශීල සමාදානයෙන් පසුව 'හිතේ හැටියට' බුදු පහස ලබමින් කල් ගෙවන්නට අප වාසනාවන්ත විය. ඒ කාලය තුළදීම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වටා පිහිටා ඇත් සත් සති ගෙවූ ස්ථාන වෙත කැදවා ගොස් අප සියල්ලන්ටම ඉතා මැනැවින් එම ස්ථාන පිළිබද විස්තර කියා දෙමින් එම ස්ථාන වන්දනා කර ගැනීමට අවස්ථාව ලබා දුනි.












ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ
පළමු සතිය 
  
බුද්ධත්වයට පත් වීමෙන් පසුව තව දුරටත් එහිම වැඩ වසනු දුටු ඇතැම් දෙවිවරුන් බෝධිසත්වයන් තවමත් බුදුබව ලබා නැත්දෝයි සැක පහල කර ගත්හ. එය නුවණින් දුටු බුදුන් වහන්සේ සැනෙකින් නැගී සිට යමා මහ පෙළහර පෑ සේක. ඉන් පසුව තමන් වහන්සේ අවබෝධ කරගත් සද්ධර්මය මෙනෙහි කරමින් දින 7 ක් එම ශ්‍රී මහා බෝධි මූලයේම වැඩ සිටි සේක.





දෙවන සතිය උන් වහන්සේ තමන් වහන්සේට බුද්ධත්වය ලබා ගැනීමට උපකාරී වූ මහා බෝධීන් වහන්සේ ට කෘතගුණ සැළකීම් වස් බෝධීන් වහන්සේට ඊසාන දෙසින් ස්ථානයක සිට බෝධීන් වහන්සේ දෙස ඇසි පිය නොහෙලා බලා සිටිමින් භාවනා සුවයෙන් කල් ගෙවූහ.





අනිමිස ලෝචන පූජාව සිදුකළ ස්ථානය











රුවන් සක්මනෙහි යෙදුනු ස්ථානය










තුන්වන සතියේ දී බුදුන් වහන්සේ රුවන් සක්මනෙහි යෙදෙමින් තවත් දින 7 ක් කල් ගත කළ අතර, සක්මන් භාවනාවේ යෙදුනු බව සදහන් වේ. එකී රුවන් සක්මනෙහි යෙදුනු ස්ථානය අද ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසළම දකින්නට හැකි වන සේ නැවත සකස් කර ඇති අතර, සෑම මොහොතකම දහස් පෙතියා මලින් සරසා පුද සත්කාර කරනු දැකිය හැක.








සතරවන සතිය උන් වහන්සේ ගත කළේ මහා බෝධීන් වහන්සේ අසළම පිහිටුවා ඇති රත්නාගාරය හෙවත් රුවන් ගෙය තුළ වැඩ වාසය කරමින් තමන් වහන්සේ අවබෝධ කරගත් සද්ධර්මය නැවත නැවතත් මෙනෙහි කරමිනි. මෙම රත්නාගාරය මහා බෝධියට වයඹ පෙදෙසින් දැක ගත හැක.





පස්වන සතිය බුදුන් වහන්සේ ගත කළේ වජ්‍රාසනය ආසන්නයේ ම පිහිටා තිබූ අජපාල නුග රුක අසළ වැඩ වසමින්ය. මෙම ස්ථානය බුද්ධගයා විහාරයේ දොරකඩ ඉදිරියේ මදක් ඈතින් සළකුණු කොට තිබේ. එම නුගරුක තිබූ ස්ථානයේ ගල් කුළුණක් සිටුවා ඇති අතර සෑම මොහොතකම දහස්පෙතියා මල් වැල් වලින් සරසා අලංකාර කොට පුද පූජා පැවැත්වේ. එමම සෑම ස්ථානයකම තම නලල තබා වන්දනා කරමින් බුද්ධ සංවේගය පහල කර ගැනීම අප ට රිසිසේ කර ගත හැකි විය.





සයවන සතිය ගෙවන්නට භාග්‍යවතුන් වහන්සේ තෝරාගත්තේ මදක් ඈතින් පිහිටි මුචලින්ද විල අසබඩ වූ මිදෙල්ල වෘක්ෂයක සෙවන යි. මෙහි වැඩ වසන කාලයේ මහ වැසි ඇති වූයෙන්, වැස්සෙන්, සිහිතලයෙන් උන් වහන්සේ ආරක්ෂා කර ගැනීම සදහා මුචලින්ද නම් නාග රාජයෙකු බුදුන් වහන්සේ වටා දරණ ගසා සිටි බව කියැවේ. 

මුචලින්ද විල


දහම් දෙසුමකට සවන් දෙමින්


බුද්ධගයා විහාරය තුළ වැඩ සිටින පිළිම වහන්සේ


ජයශ්‍රී මහා බෝධින් වහන්සේ සෙවනේ ටිබෙට් ජාතික බික්ෂුන් වහන්සේලා

බුද්ධගයා මහාබෝධි විහාරයේ අට පිරිකර පූජාව




ධර්මපාල තුමන් මහාබෝධි විහාර ගොඩනැගිල්ල තනන්නට අනුමැතිය ඉල්ලා සුද්දන්ට ඉදිරිපත් කරන්නට සිදු වූයේ පල්ලියක හැඩය ඇති ගොඩනැගිලි සැලැස්මකි. එය පල්ලියකයැයි සිතා සුද්දෝ අනුමැතිය දුන් අතර, ගොඩනැගිල්ල නිමා කොට ඇතුළත බුදු පිළිමය තබා විහාරයක් බවට පත් කර ගන්නට ධර්මපාල තුමන් කටයුතු කළේය.






No comments:

Post a Comment