Pages

Saturday, March 10, 2018

සසර පුරා කළ  සුළු පව් ගෙවෙන්න   ට 
මම ද ගියෙමි බුදු පා බිම වදින්න        ට

දහස්පෙති මල් දස දහසින් වැසීගිය රුවන් සක්මන
දඹදිව් තලයේ අප සම්මා සම්බුදුන් වහන්සේ ඉපැදුනු, බුද්ධත්වයට පත්වුනු, ප්‍රථම දම් දෙසූ හා පිරිනිවන් පා වදාළ සතර ස්ථාන දෑසින් දැක බුද්ධ සංවේගය ඇති කර ගැනීම සෑම බෞද්ධයෙකු විසින් කළ යුත්තකි.  එවැනි ගමනක් යන්නට එක්විය යුත්තේ දඹදිව් තලය මෙන්ම එම ඓතිහාසික ස්ථාන ගැනත් බුදු දහම හා එහි ගැඹුරු දහම් කරුණු ගැනත් මනාව අවබෝධයක් ඇති කෙනෙකු හා ආයතනයක සමග යන්න මට පසක් වූයේ දඹදිව් තලයේ මා ගත කළ දින 15 ක කාලය ඇරඹුමේදීම ය. 

මියන්මාරයට (බුරුමයට) ගිය ගමනේ දී හදුනාගත් මහනුවර, තැන්නකුඹුරේ, වජිර ටුවර්ස් ආයතනයේ අධිපති වජිර කාරියවසම් මහතා වන්දනා හා විදේශ චාරිකා සම්බන්ධීකරණය කරන්නෙකු නොව දහම ඉගෙනුම මෙන්ම සසර ගමන අවබෝධ කර ගැනීමේ ලා මහත් ඇප උපකාර වන ' කල්‍යාණ මිත්‍රයෙකු ' වන්නේ ඔහු දඹදිව් තලයේ බුද්ධ වන්දනාවට සම්බන්ධ කර ගත යුතු නිවැරදිම පුද්ගලයා ලෙස හදුනාගත් බැවිනි. 
වජිර .. ඔබ සැබෑ මහත්මයෙකි

වැඩිහිටි මව්වරුන්, පියවරුන් ද කැදවාගෙන ගිය ගමනේ දී අප සියළු දෙනාවම දැඩි වෙහෙසට පත් නොවන සේ දිනපතාම හැන්දෑ වන විට සුවපහසු නවාතැනක සෑම කෙනෙකුටම නිදි සයනයක් සහිතව නවාතැන් ලබා දෙමින් හා සෑම දිනකම තුන් වේලම අපට හුරු පුරුදු රසයෙන් යුතු ආහාර පාන ලබාදෙමින්ද , වායු සමනය කළ සුව පහසු බස් රථ වල කැදවා ගෙන යමින් ද අපට පහසුකම් සැලසුවා මෙන්ම නිතරම කණ්ඩායමේ අවශ්‍යතා හා නිරෝගී සුවය පිළිබදව ද සොයා බැලීම මිනිසත් බවට වඩා ඉහලින් දුටු ඇගට දැනුනු සිදුවීම් ය.

ඒ ඒ සියළු ස්ථාන පිළිබදව අප නොදන්නා බොහෝ කරුණු එම ස්ථානයන්හිදීම පැහැදිළි කර දෙමින් අපට මනා බුද්ධ ඉතිහාස දැනුමක් ලබාදීම අතිශය වැදගත් ය. 

මේ අන්තර්ජාල පිටුවේ අපගේ ගමන ගැන කෙටි චායාරූප විස්තරයක් පළවේ. පින් කැමති ඇත්තෝ නරඹත්වා.....